දැන් කාලේ ගොඩක් අය ආසයි තමන් කැමති වෙලාවට, තමන් කැමති තැනක ඉඳන් වැඩ කරන්න. ඒ වගේම තමන්ගේම Boss වෙන්නත් කැමතියි. මේ හැමදේම කරගන්න පුළුවන් හොඳම විදිහක් තමයි Freelancing කියන්නේ.
Freelancing කියන්නේ ඔයාගේ Skills (දක්ෂතා) පාවිච්චි කරලා, විවිධ පුද්ගලයන්ට හෝ සමාගම් වලට ව්‍යාපෘති පදනමින් සේවා සැපයීම. මේකෙන් ඔයාට ඔයාගේම ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒත් මේක කොහොමද පටන් ගන්නේ? මුදල් හොයන්නේ කොහොමද? 🤔 අද අපි ඒ ගැන කතා කරමු.
1. ඔබේ දක්ෂතා හඳුනාගන්න!
Freelancing පටන් ගන්න කලින් ඔයාට තියෙන දක්ෂතා මොනවද කියලා හොඳින් හඳුනාගන්න. උදාහරණයක් විදිහට:
ලිවීම (Writing): Blog ලිපි, Website අන්තර්ගතය, Social Media content, Proofreading, Translation.
ග්‍රැෆික් නිර්මාණකරණය (Graphic Design): Logos, Banners, Social Media posts, Illustrations.
වෙබ් සංවර්ධනය (Web Development): Website නිර්මාණය, Web Application development.
ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing): Social Media Marketing, SEO (Search Engine Optimization), Content Marketing.
වීඩියෝ සංස්කරණය (Video Editing)
දත්ත ඇතුළත් කිරීම (Data Entry)
පරිගණක සහාය (Virtual Assistant Services)
භාෂා ඉගැන්වීම (Language Tutoring)
ඔයා හොඳින්ම දන්නා සහ කරන්න කැමති දෙයක් තෝරාගන්න. ඒකෙන් ඔයාට වැඩේ සාර්ථකව කරන්න පුළුවන්.
2. ඔබේ Portfolio එක හදාගන්න! portfolios
ඔයාගේ දක්ෂතා පෙන්නන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි Portfolio එකක් හදාගන්න එක. ඔයා කලින් කරපු වැඩ, උදාහරණ, හෝ අත්හදා බැලීම් වුණත් මේකට එකතු කරන්න පුළුවන්.
වෙබ් අඩවියක් හදාගන්න (WordPress, Behance, Dribbble වගේ).
Facebook Page එකක් හරි Instagram profile එකක් හරි හදාගෙන ඔයාගේ නිර්මාණ පළ කරන්න.
Linkedln profile එකක් හදාගෙන ඔයාගේ skills highlight කරන්න.
හොඳ portfolio එකක් කියන්නේ ඔයාට clients ලා හොයාගන්න ලොකුම උදව්වක්.
3. Freelancing Platform වල ලියාපදිංචි වෙන්න!
දැන් Freelancers ලට වැඩ හොයාගන්න පුළුවන් Online Platform ගොඩක් තියෙනවා. මේවායේ ලියාපදිංචි වෙලා ඔයාගේ Profile එකක් හදාගන්න.
Upwork
Fiverr
PeoplePerHour
මේ වගේ Platform වල ඔයාට ගැළපෙන Projects හොයාගෙන, Bid කරන්න පුළුවන්. හැබැයි මුලින් පොඩි Project වලින් පටන් අරගෙන හොඳ Ratings සහ Reviews එකතු කරගන්න එක වැදගත්.
4. හොඳ Clients ලා හොයාගන්න!
Freelancing වලදී Clients ලා හොයාගන්න එක තමයි ප්‍රධානම දේ.
Networking: ඔයා දන්නා අයට ඔයා කරන සේවාවන් ගැන කියන්න. එයාලා හරහා ඔයාට Clients ලා හමුවෙන්න පුළුවන්.
Social Media: ඔයාගේ Social Media Platforms හරහා ඔයා කරන සේවාවන් ප්‍රවර්ධනය කරන්න.
Cold Outreach: ඔයා වැඩ කරන්න කැමති සමාගම් වලට කෙලින්ම Email එකක් යවලා ඔයාගේ සේවාවන් ගැන දැනුවත් කරන්න.
Word-of-mouth: ඔයා හොඳට වැඩ කරනවා නම්, Clients ලා තව Clients ලා ඔයාට හඳුන්වලා දෙනවා.
5. හොඳ Rate එකක් තීරණය කරන්න!
ඔයාගේ දක්ෂතාවයට සහ වැඩ කරන පැය ගණනට අනුව සාධාරණ Rate එකක් තීරණය කරන්න. මුලින් අඩු Rate එකකින් පටන් අරගෙන, අත්දැකීම් වැඩි වෙනකොට Rate එක වැඩි කරන්න පුළුවන්. හැබැයි කවදාවත් ඔයාගේ වටිනාකම අඩු කරලා වැඩ කරන්න එපා.
6. කාලය කළමනාකරණය කරගන්න!
Freelancer කෙනෙක් විදිහට ඔයාගේ කාලය කළමනාකරණය කරගන්න එක ගොඩක් වැදගත්.
වැඩ කරන්න කාලසටහනක් හදාගන්න.
ව්‍යාපෘති වලට කාල සීමා (Deadlines) තියාගෙන වැඩ කරන්න.
එක වර ගොඩක් Projects භාරගන්න එපා.
7. ඉගෙන ගන්න එක නවත්වන්න එපා!
තාක්ෂණය සහ වෙළඳපොළ හැමදාම වෙනස් වෙනවා. ඒ නිසා ඔයාගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න අලුත් දේවල් ඉගෙන ගන්න. Online Courses, Webinars, YouTube videos මේකට උදව් වෙයි.
8. විනය සහ කැපවීම!
Freelancing කියන්නේ නිදහස තියෙන ගමන්ම ලොකු විනයක් සහ කැපවීමක් අවශ්‍ය වෙන ක්ෂේත්රයක්. ඔයාටම ඔයාගේ Boss වෙන්න වෙනවා. ඒ නිසා වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කරන්න.
වැදගත්ම දේ: පටන් ගන්න!
බය නොවී, අදම ඔයාගේ Freelancing ගමන පටන් ගන්න. වැරදි වෙන්න පුළුවන්, අභියෝග එන්න පුළුවන්. ඒත් ඒවායින් ඉගෙනගෙන ඉදිරියට යන්න. ඔයාටත් පුළුවන් Freelancer කෙනෙක් විදිහට සාර්ථක වෙලා, ඔයාගේම ආදායම් මාර්ගය හදාගන්න! 💪
ඔයා මේ වන විටත් freelancer කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් අරන් හිටියත් ඔයාගේ Service එක Sell කරන්න තාමත් Customers ලා හොයා ගන්න බැරි උනාද? එහෙනම් මෙන්න මම මගේ පළමු Customers ලා 100 දෙනා හොයා ගත්තු රහස Special Lesson එකක් ලෙසින් ඔයාට