Social Media කියන තරම්ම නරකද ?
Social Media කියන තරම්ම නරකද ?
බොහෝ දෙනෙක් කියන විදිහට නම් Social Media කියන්නේ ලොකුම ලොකු කලු යකෙක් (විශේෂයෙන්ම Gen X හා Gen Y පරම්පරා වලට ඇතැමුන්ට අනුව). කොහොම නමුත් Social Media වල හොඳ නරක තීරණය වන්නේ එය භාවිතා කරන ආකාරය අනුව බවයි මඟේ හැඟීම. අනිත් දේ තමයි Social Media කියන්නේ Facebook, Instagram, Tiktok විතරක්ම නෙවේ. Monthly 100+M Visitors එන Platforms 50+ තියනවා.
ගොඩක් දෙනෙක් හිතන්නේ FaceBook කියන්නේ ගොසිප් Share කරන තැනක් කියලා. කරනවනම් කරන්න ගොඩාක් වැඩ තියනවා FB එකේ. මට මේ දේ කියන්න හිතුනෙත් තාමත් අපේ රටේ ගොඩක් දෙනෙක්ට Remote working/ Freelacer/ Digital Marketing කියන්නේ අරුම පුදුම වචන වීම නිසා. අනිත්දේ තමා මේක තේරුම් කරන එකත් ඇතැම් අයට තේරුමක් නෑ කියලා හිතෙනවා. ඒ නිසාම මාත් බොහෝ වෙලාවට නිෂ්ෂබ්දව ඉන්න පුරුදු උනා. තව අවුරුදු 10 ක් 15 ක් ගිහාම ඔන්න අපේ අයටත් මේ ගැන තේරුම් යයි. එතකොට නම් Digital Spaces බොහොමයක් Fill වෙලා තියෙයි.
හරි Facebook එහෙම නැත්නම් Meta එකේ education Platform එකක් තියනවා. ඒකේ Free courses බොහොමයක් තියනවා ( Meta Blueprint, Instagram Marketing, Facebook Marketing Etc) . කරාට පස්සේ certificate එකකුත් දෙනවා. “ආ ඇත්තමද ඒක ගොඩාක් වටිනවද ඉතිම්“ නෑ නෑ අපේ රටේ නම් කිසිම වටිනා කමක් නෑ. ඔයාට Online Field එකේ වැඩකරන කොට නම් අනිවාර්යෙන්ම වටිවි.
අපේ රටේ තියෙන්නේ රැකියා කීපයයිනේ. එතනින් එහා තියන රැකියා ගැන කවුරුත් දන්නෙත් නෑ කියන්නෙත් නෑ. ලෝකේ වේගයෙන් වෙනස් වෙනවා ලස්සන ළමයෝ. ඔයාගේ තියන හැකියා ටික ඔප මට්ටම් කරගන්න කාලේ හරි. Quality Skills වලට Internationl Market එකේ හොඳ Demand එකක් තියනවා. ඒ නිසා ඔයා කැමති Field එකකින් Skills ටික හදා ගන්න. පුළුවන්නම් එක පාර Field දෙක තුනක උනත් වැඩ කරන්න. ජය වේවා!!