ජීවිතය කියන්නේ අභියෝගයක් ??
ජීවිතය කියන්නේ අභියෝගයක් ??
ඔබගේ ජීවිතය මේ මොහොතේ කුමන සංධිස්තානයක පවතීද? ඉපදීමත් මරණයත් අතර අප ගන්නා මාර්ගයේ විවිධ සංධිස්තාන, නැවැතුම්, අභියෝග, ජය හා පරාජයන් අප හමුවට නිසැකයෙන්ම පැමිනෙනවා. මේ ලෝකයේ සෑම දෙයක්ම සාපේක්ෂයි. නරක නොමැති තැන හොඳ ද නොපවතී, අසාර්ථකත්වය නොමැති තැන සාර්ථකත්වයක්ද නොපවතී.
ඔබ අභියෝග ජය ගැනීමටම ඉපදුණු බව මතක තබා ගන්න.
අභියෝග , ඉපදුණු දා පටන් මරණය තෙක්ම අපි හැමෝටම විවිධාකාරවූ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. ඉපදීමට පෙරද ශුක්‍රාණු මිලියනයකින් එක් ශුක්රණුවක් ඩිම්බයක් සමඟ සංසේචනයෙන් ජීවියෙක් නිර්මාණය වන්නේම අභියෝග ජය ගෙනය. දරුවෙකු මෙලොවට බිහිවන්නේම ජීවිතයත් මරණයත් අතර වූ අභියෝගය ජයගෙනය. ඔබ මේ වන තෙක් ජීවත්ව සිටිනවා යනුම ඔබ බොහොමයක් ඔබගේ ජීවිතයට පැමිණි අභියෝග ජයගෙන ඇති බවය.
මිනිස් මොලය හරිම පුදුමා කාරයි. වෛද්‍ය විද්‍යාව කොතෙකුත් දියුණු වුණද අද වෙන තුරු මිනිස් මොළය ගැන නිශ්චිතව තවමත් හඳුනාගෙන නොමැති අභිරහස් රැසක් පවතී. කෙසේ වෙතත් මානව වර්ගයාට සිය පැවැත්ම තහවුරු කරගැනීමට අනුවර්තනය ඉවහල්වේ. මිනිසා සිය ජීවිතයෙන් ඉගෙන ගනී. තමාට සිදු වූ අත්වැරදීම් වලින් ඉගෙන ගනී. ඒ ඔස්සේ සිය ජීවිතය අභියෝග සමඟින් සාර්ථකව ඉදිරියට මෙහෙයවනු ලබයි.
ජීවන තරගයේ අභියෝග ජය ගැනීමට වෙරදරණ සැම වෙත